පැරා ලෝක ශූරතා තරගාවලියට ගිය අපේ ක්‍රීඩකයෝ දිවයිනට

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ පැවති 2025 “පැරා” ලෝක ශූරතා තරගාවලියට (PARA World Championship – Athletics -2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි යන ක්‍රීඩකයින් දෙදෙනා, එහිදී තමන් සහභාගී වූ ඉසව් වලින් ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන ඊයේ (07දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 27 දින සිට 05 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණි .
එහිදී දුර පැනීමේ ඉසව් සදහා සහභාගි වූ නුවන් ඉන්දික මීටර් 06.46 ක දුරක් පනිමින්, ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය කරා පැමිණෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය .
එසේම මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානූ තරග වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය.