සක්විතිගේ මූල්‍ය වංචාවට හසු වූ අයට තාමත් මුදල් ලැබී නෑ

සක්විතිගේ මූල්‍ය වංචාවට හසු වූ අයට තාමත් මුදල් ලැබී නෑ

‘සක්විති’ හවුස් නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව යටතේ විභාග වූ නඩුවට අනුව සැකකාර සක්විති රණසිංහ නමැත්තා රුපියල් නවකෝටි අසූනවලක්‍ෂයක් අධිකරණයේ මුදල් තැන්පත් කර තිබුණත් ඒ මුදල් තාමත් තමන්ට ලබාදීමට රජය පියවර ගෙන නැතැයි තැන්පත්කරුවෝ පවසති.
සැකකාර සක්විති රණසිංහ නමැත්තා වරද භාර ගැනීමෙන් පසු රුපියල් ලක්‍ෂ පනහ බැගින් අධිකරණය හමුවේ මුදල් තැන්පත් කළ පසු එම නඩු කටයුත්තද අවසන් කර ඇතැයි ඔවුහු පවසත.ි
2009 වසරේ සිට තැන්පත් කළ මුදල් ලබා ගැනීම සඳහා වසර 16ක් පමණ බලා සිටි බවත්, මේ පිළිබඳව තැන්පත්කරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද කරුණු දැක්වූ බවත් ඔවුහු කියති.
මෙම මුදල් ආපසු ලබාදීම සඳහා රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවත් මෙම මූල්‍ය වංචාවට හසු වූ සැලකිය යුතු පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි ද වංචාවට ලක් වූ අය ‘මොනරා’ පුවත්පතට සඳහන් කර සිටියහ.

Share This