ප්‍රථම වරට ඉන්දීය ක්‍රීඩකයන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට?

ප්‍රථම වරට ඉන්දීය ක්‍රීඩකයන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට?

(ඉෂාර ගයාෂාන්)
2025 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන බවට LPL සංවිධායකයන් පවසයි. ඒ බව ඉන්දීය මාධ්‍යත් වාර්තා කර තිබිණි.
මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දියාවේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ඇති අතර ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයන්ට අයි.පී.එල්. හැර වෙනත් කිසිදු විදෙස් ලීග් තරගාවලියකට සහභාගි වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ලබා දුන්නේ නැත.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයන් සහභාගි වුවහොත් එය ඔවුන්ගේ පළමු විදෙස් ලීග් තරගාවලිය වීම විශේෂත්වයකි.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හයවන අදියර වේ. දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස හඳුන්වාදිය හැක.
තරග 24කින් සමන්විත මෙවර තරගාවලියට කණ්ඩායම් 5ක් සහභාගිත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණවල පැවැත්වෙයි.

Share This