හිටපු ජනපති මහින්දගේ වෙඩි නොවිදින රථයත් රජයට භාරදෙයි

(ශිරාන් රණසිංහ)
පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ ආරක්‍ෂාවට දී තිබු වෙඩි නොවදින මෝටර් රථය 03දා රජයට භාර දී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවෙස මෙන්ම රජයෙන් ලබා දී තිබූ වාහන සියල්ල ආපසු බාරදීමට සිදුව තිබීම නිසා ඔහුගේ ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටී.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධව පවතින ගැටලුව පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිතව දැනුම් දීමට නියමිත බව ද ඒ මහතා පවසා ඇත.