සිසුන් ඉලක්ක කර ඊ දුම්වැටි අලෙවි කළ මොනරාගල කෝටිපතියකු අල්ලයි

(මොනරාගල – ළහිරු ගුණතිලක)
පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් එලෙක්ට්‍රොනික් සිගරට් (ඊ සිගරට්) අලෙවි කළ මොනරාගල නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු මොනරාගල පොලීසිය මගින් පසුගියදා (03) අත්අඩංගුවට ගෙන ඇත.
48 හැවිරිදි මොනරාගල නගරයේ වෙළෙඳසැල් හිමියා සමඟ ඊ සිගරට් යන්ත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීම කටයුතු යොදා තිබේ.
මොනරාගල මූලස්ථාන පො.ප ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.