විදෙස් රටක නිපදවන ලද ගිනි අවියක් මැණික්හින්නේ නිවෙසක

විදෙස් රටක නිපදවන ලද ගිනි අවියක් මැණික්හින්නේ නිවෙසක

-මහනුවර – එස්.කේ. සමරනායක-
විදේශීය රටක නිපදවන ලද (ඇමෙරිකාවේ) බව කියන නවීන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු එම ගිනි අවියද සමග අත්අඩංගුවට ගැනීමට මැණික්හින්න පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමට හැකිවී තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවෙස පරීක්ෂා කොට ප්‍රශ්ණ කීරීමෙන් පසු මෙම ගිනි අවිය සමග ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිරෝද රථ රියැදුරෙක් වන සැකකරු මැණික්හින්න පොලිස් වසමේ පදිංචිකරුවකු වන අතර, එම ගිනි අවියට බලපත්‍ර නැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්ද්‍රපාල මහතා සිද්ධිය පිළිබඳව වැඩි දුරපරීක්ෂණ පවත්වන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

Share This