ජපාන නිල සංචාරය නිමවා ජනපති දිවයිනට

ජපාන නිල සංචාරය නිමවා ජනපති දිවයිනට

(කටුනායක ටී.කේ.ජී. කපිල)
ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේය.
එතුමා ජපානයේ නිල සංචාරයෙහි නිරත වීමට ප්‍රථම ඇමරිකාවේ පැවැති 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීමට ගොස් සිටියේය.
ජනාධිපතිතුමා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා සහ තවත් උසස් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු මෙම සංචාරය සඳහා එක් වී සිටියහ.
ඔවුන් 01 දින උදෑසන 09.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share This