ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ්ට ඇප විදෙස් ගමන් තහනම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ්ට ඇප විදෙස් ගමන් තහනම්

-අකිලා නදීෂානි බණ්ඩාර-
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය 30දා නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉන් අනතුරුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය. පැමිණිල්ල ජනවාරි 10 වැනි දා කැඳවීමටද නියම කළේය.

Share This