ප්‍රසන්නට ඇප

ප්‍රසන්නට ඇප

-අකිලා නදීෂානි බණ්ඩාර-
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට ගම්පහ මහාධිකරණය ඇප නියම කරයි. රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා යටතේයි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ඇප අයදුම ඊයේ (30දා) යළිත් සලකා බැලීය.
ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා සිටියහ .
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවාය .
එහිදී ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතුබව ඇප කොන්දේසි ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

Share This