ඊ වීසා සිද්ධියේ පාඩුව කෝටි 400ක්

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම දෙකකට පැවරීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් රජයට රුපියල් කෝටි 400කට (බිලියන 4) අධික පාඩුවක් සිදුවූ බවත් ඒ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ඉල්ලුවත් විගණකාධිපතිවරයා එය සිදු කර තිබේදැයි රජයේ මුදල් කාරක සභාවේ සාමාජික රවුෆ් හකීම් රජයේ මුදල් කාරක සභාවේ දී හෙළි කර ඇත.
තමන් ඇතුළු පිරිසක් මෙම සිද්ධියට අදාළව වෝහාරික විගණනයක් ඉල්ලා වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයි ද රවුෆ් හකීම් මහතා එහිදී සිහි කලේය. අදාළ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබූ බවත් මන්ත්‍රිවරයා පැවැසීය.
විද්‍යුත් වීසා නිකුත් කිරමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වීසා නිකුත් කිරීම පැරැණි ක්‍රමවේදයටම කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2014 අගෝස්තු 02 වැනිදා ආගමන විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ මුත් එම නියෝගය පැහැර හැරීම බවට නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ආගමන විගමන පාලකවරයා එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එම්.ඒ. සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළහ.
නඩුව 2024 ඔක්තෝම්බර් 25 කැඳවූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර ආගමන විගමන පාලකවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශ වනතුරුම වසරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවිය. ඒ අනුව වරද පිළිගත් හිටපු ආගමන විගමන පාලකවරයාට වසර දෙකක සිර දඬුවමකට යටත් කොට ඇත.