ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ට මැලේසියාවේදී ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ට මැලේසියාවේදී ලෝකඩ පදක්කමක්

(වාද්දුව – ජේ.ජේ.හෙට්ටිආරච්චි)
මැලේසියාවේ සෙලන්ගෝර්හේදී පසුගිය දා පැවති 09 වන ජාත්‍යන්තර ජිම්නාස්ටික් ශූරතාවලියේදී අවුරුදු 15 පහළ ජිම් ඩාන්ස් තරග ඉසව්වෙන් 03 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
රටවල් රැසක සහභාගීත්වයෙන් තියුණු මුහුණුවරකින් පැවැති එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ විනාරා මිත්සරණී පෙරේරා, දිනක්ෂි ආවර්ජනා, සහන්ලි යෙනුල්‍යා යන ක්‍රීඩිකාවන් පුහුණුකරු සුරලි දිලීෂා පෙරේරා සහ රවීන්ද්‍ර මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් සමඟ ඡායාරූපයෙහි වෙති.

Share This