කාන්තා ලෝක කුසලානයට තරග වදින බංග්ලාදේශ කණ්ඩායම මෙරටට

කාන්තා ලෝක කුසලානයට තරග වදින බංග්ලාදේශ කණ්ඩායම මෙරටට

(කටුනායක ටී.කේ.ජී.කපිල)
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා සහභාගීවීමට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 23දා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින මතභේදාත්මක තත්වය නිසා මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 1 ක් ශ්‍රී ලංකාවේ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා සහභාගී වීමට බංග්ලාදේශය, පකිස්තානය, ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් ක්‍රීඩිකාවන්ද මෙරටට පැමිණීමට නියමිතය.
මෙම තරගාවලියේ පළමු තරගය එළඹෙන 02 දින බංග්ලාදේශ සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .

Share This