ඇමරිකාවේ ICC සාමාජිකත්වය අත්හිටුවයි

ඇමරිකාවේ ICC සාමාජිකත්වය අත්හිටුවයි

(ඉෂාර ගයාෂාන්)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ඇමරිකා එක්සත් ජනපදයේ සාමාජිකත්වය අත්හිටු වීමට තීරණය ගෙන ඇත.
ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි සහ නියමයන් උල්ලංඝනය කිරීම නිසා ඊයේ (23දා) පැවැති රැස්වීමකින් පසු මෙම තීරණය ගෙන ඇත.
ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට 2028 ලොස්ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියට, ලබන වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගි වීමට මෙම සාමාජිකත්වය අත්හිටුවීම මගින් කිසිදු තහනමක් නොමැත.

Share This