පද්මේ සමග හාදකම් පෑ ගම්පහ එස්.අයි. කෙනෙක් අත්අඩංගුවට

-සෙනාෂ් කොළවත්ත-
කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ ගම්පහ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස් දෙනෙක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමෙන් පසු ඔවුන් සමග සබඳතා පැවැත් වූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ද මෙයයි.