වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවයි

වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවයි

වගා රක්ෂණ ක්‍රමවේදයට යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදු වූ හානි සඳහා ගොවීන් 79,602ක් සඳහා රු. මිලියන 1,640කට ආසන්න මුදලක් කෘෂි රක්ෂණ වන්දි ලෙස කෘෂිකර්ම, පශු සම්ත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වන විට ගෙවා ඇත.
මෙහිදී ස්වභාවික ආපදා තත්ත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග, පලිබෝධ, වන අලි හානි වැනි තත්ත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්ෂණ ආවරණ ලබාදීම සිදු කරයි.
වගාවන්ට සිවදුන හානිවලදී ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමක් කර තවදුරටත් කෘෂිකර්මාන්තයේ රඳවා ගැනීම සඳහා උනන්දු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බැවින් මෙම වගා හානි රක්ෂන මුදල් කඩිනමින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර ඇත.

Share This