මත්කුඩු ජාවාරම්කරුට මරණීය දණ්ඩනය

මත්කුඩු ජාවාරම්කරුට මරණීය දණ්ඩනය

-අකිලා නදීෂානි බණ්ඩාර-
හෙරොයින් ග්‍රෑම් 2.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකටම වරදකරු වූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා මරණ දඬුවම නියම කරයි.
2013 අගෝස්තු 9 වැනිදා ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඩොමෙස් ද සිල්වා නමැති එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර එකී චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මරණ දඬුවම’නියම’කළේය.

Share This