නේපාලයේ ශ්‍රී ලාංකිකයන් 99 දෙනාම සුරක්ෂිතයි

නේපාලයේ ශ්‍රී ලාංකිකයන් 99 දෙනාම සුරක්ෂිතයි

-ශිරාන් රණසිංහ-
නේපාලයේ සිසුන් විසි දෙදෙනෙක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් අනූනවයක් රැඳී සිටින බවත් ඒ කිසිවකුට කරදරයක් නොමැතිව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම පිරිස අතර තානාපති කායර්ාල නිලධාරීන්ද ඇතුළත් බව සඳහන්ය.
දැනට 26ට ඇඳිරි නීතිය පනවා ඇති නිසා තම තමන් රැඳී සිටින ස්ථානවල ආරක්ෂිතව පසුවන ලෙසට දැනුම් දී ඇති බවත් ඒ අය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා අවශ්‍ය උපදෙස් හා අනෙකුත් පහසුකම් සලසා දීමට තානාපති කායර්ාලය කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
නේපාලයේ කත්මන්ඩු නුවර සහ අනෙකුත් ප්‍රදේශවල ඇතිවූ ගැටලු‍කාරී තත්ත්වය හේතුවෙන් එරට පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා පෞද්ගලිකව සම්බන්ධ වී මේ වන විට තත්ත්වය විමසා ඇත.
මේ අනුව, නේපාලයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මේ දක්වා හානි වාර්තා වී නොමැති අතර, ශ්‍රී ලාංකික සිසුන් 22 දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 99 දෙනකු (තානාපති කාර්ය මණ්ඩලය සහ පදිංචිකරුවන් ඇතුළු) නේපාලයේ සිටින බව තහවුරු කර ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලු‍ පුරවැසියන් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා හදිසි දුරකථන අංක සකසා දී ඇති අතර, අවශ්‍ය සහය ලබාදීමේ කටයුතු සම්පූර්ණයෙන් සිදු කරයි.
අමාත්‍යවරයා නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් තුළ රැඳී සිටීමට, විරෝධතා හා උද්ඝෝෂණා කලාපවලට නොයෑමට සහ නිකුත් කරන ලද ඇඳිරිනීතිය දැඩිව පිළිපැදීමට දැනුම් දී ඇත. තවද අවශ්‍ය තත්ත්වයන් හමුවේ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බව ද අවධාරණය කර ඇත.
මෙම ගැටලු‍කාරී තත්ත්වය හමුවේ නේපාලයේ ශ්‍රී ලාංකා තානාපති කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ස්තූතිය පළ කරමින්, ඔවුන්ගේ කැපවීම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශාල දායකත්වයක් සැපයූ බව සඳහන් කරන ලදී.
අවසානයේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය නේපාලයේ තත්ත්වය නිරතුරුවම නිරීක්ෂණය කරමින්, සියලු‍ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු‍ පියවර ගන්නා බව ද අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා’පවසා’සිටියේය.

Share This