රසායන ද්‍රව්‍යවලින් අයිස් කිලෝ 13ක් හැදුවා

රසායන ද්‍රව්‍යවලින් අයිස් කිලෝ 13ක් හැදුවා

-සමන් ගමගේ-
මිද්දෙණියේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනය යොදාගෙන තමන් ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහතුනක් නිෂ්පාදනය කර බෙදා හැරිය බව කෙහෙල්බද්දර පද්මේ පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත.
එම නිෂ්පාදන කටයුතු සඳහා ඉරාන ජාතිකයන් දෙදෙනකුගේ විශේෂඥ සහාය ලබාගෙන තිබෙන බවද කෙහෙල්බද්දර පද්මේ සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
එම රසායන ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඍජුවම අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වීමට වඩා විශාල ලාභදායක වීමෙන් පද්මේ ඇතුළු කල්ලිය මෙය සිදු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙම රසායන ද්‍රව්‍ය වර්ගය ආනයනය කිරීමේදී ආරක්‍ෂක අංශවලට කිසිදු සැකයක් ඇති නොවන පරිදි වෙනත් නිෂ්පාදන අමුද්‍රව්‍යයක ආකාරයෙන් ආනයනය කිරීමට තිබෙන අවස්ථාව මෙහිදී පද්මේ ඇතුළු කල්ලිය ඉහළින්ම ප්‍රයෝජනයට ගෙන තිබෙන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Share This