මනම්පේරි රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණය අවසර දෙයි

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
මිද්දෙණිය තලාව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය (7දා) අවසර ලබා දී තිබේ.
ඒ අනුව ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින ඉදිරිපත් කළ ඇති අතර එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස අවසර ලබා දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයකු වන සැකකරු පසුගිය (6දා) අත්අඩංගුවට ගනු ලැබීය.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 05 දින සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවෙසක වළදමා තිබියදී සොයාගනු ලැබීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මෙසේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන ඇත.