අතිදුෂ්කර මීමුරෙන් ශිෂ්‍යත්වයෙන් වාර්තාවක්

අතිදුෂ්කර මීමුරෙන් ශිෂ්‍යත්වයෙන් වාර්තාවක්

(එස්.කේ සමරනායක)
මහනුවර දිස්ත්‍රික්කයේ, උඩදුම්බර මැතිවරණ කොට්ඨාශයේ අති දුෂ්කර මීමුරේ ගම්මානයේ කයිකාවල කනිටු විදුහලේ දැරියක්, එම පාසල් ඉතිහාසයේ ප්‍රථම වර 2025 ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වී වැඩිම ලකුණු 149ක්, ලබා ගනිමින් එම විභාගය සමත්වී සිටින්නීය.
මෙම දැරිය දැරිය මීමුරේ කයිකාවල ගම්මානයේ පදිංචි කාරියකි.
කයිකාවල කනිටු විදුහලේ නිමේෂා හේරත් ගුරුතුමිය යටතේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගය සමත් වී සිටින්නේ ඔෂිනි කවිත්මා දැරියයි.
හුන්නස්ගිරිය නගරයේ සිට මීමුරේ ගම්මානයට සැතපුම් 33ක්, අති දුෂ්කර ගිරි හෙල් සහ කඳු, වංගු සහිත අවදානම් මාර්ගයක පිහිටා ඇති මෙම ගම්මානයේ පාසල්වලට පහසුකම්ද ඇත්තේ ඉතා සීමීත ප්‍රමාණයකි.

Share This