මාලිමා මැතිඇමැති අනුහසින් සිංහරාජය හා නකල්ස් වනසයි

මාලිමා මැතිඇමැති අනුහසින් සිංහරාජය හා නකල්ස් වනසයි

(විනීතා එම්. ගමගේ)
තෙත් කලාපයේ පද්ධති වශයෙන් ඇති වනාන්තර තුනෙන් දෙකක් වර්තමාන ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය ඇතිව විනාශ කෙරෙමින් පවතින බවට පරිසරවේදීහු චෝදනා කරති.
තෙත් කලාපයේ පද්ධතිමය වනාන්තර ඇත්තේ සිංහරාජය, නකල්ස් කලාපය සහ ශ්‍රී පාද අඩවිය යන වනාන්තර තුන පමණක් බවත් මේ වන විට රජයට සම්බන්ධ දේශපාලඥයන්ගේ අනුදැනුම හා මැදිහත්වීම මත සිංහරාජය හා නකල්ස් කලාපය යන වනාන්තර දෙක හරහා පාරවල් කැපෙමින් පවතින බව පරිසරවේදී සජීව චාමිකර පවසයි.
පරිසර අමාත්‍යවරයාගේ අනුදැනුම පවා ඇතිව ඉ`ඵඹකන්ද සිට සූරියකන්ද දක්වා මාවතක් ඉදිවන බවත් එහි මැනුම් කටයුතු සිදුවෙමින් පවතින බවත් කී චාමිකර මහතා මෙයින් ලැබෙන ප්‍රතිලාභ රැසක් ඇතැයි ප්‍රදේශවාසිහු රවටා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
නකල්ස් රක්ෂිතයේ ද සංගප්පුව සිට අට්ටලමෙත්තුව දක්වා කිලෝමීටර් දහයක පමණ මාර්ගයක් ඉදිකිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
මේ සඳහා ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ආශිර්වාදය ලැබී ඇතැයි කී චාමිකර මහතා මෙම වනාන්තර විනාශය ගැන අධිකරණය ඉදිරියට යාමට පරිසරවේදීන් සූදානමින් සිටින බව ද කීවේය.

Share This