නවකවද සිද්ධියකට නැඟෙනහිර විශ්වවිද්‍යාල සිසුහු 15ක් අත්අඩංගුවට

නවකවද සිද්ධියකට නැඟෙනහිර විශ්වවිද්‍යාල සිසුහු 15ක් අත්අඩංගුවට

-සෙනාෂ් කොළවත්ත-
නවකවද සිද්ධියකට අදාළව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15 දෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අයගෙන් හයදෙනෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ය.
2021 – 22 වර්ෂයේ ශිෂ්‍යාවන් පිරිසකට අසභ්‍ය වචන කියමින් බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් කෝට්ටේ, ගල්අමුණ, බණ්ඩාරවෙල, අතුරුගිරිය, කන්තලේ, ගම්පොල, මීවනපලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.
නවකවධ සිද්ධියකට අදාළව ලැබුණු පැමිණිලි මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

Share This