බැකෝ සමන්ගේ බිරිය රිමාන්ඩ්

-අකීලා නදීශානි බණ්ඩාර-
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන බැකෝ සමන් නමැත්තාගේ බිරිය වන මිද්දෙණියේ පංදිචි සාජිකා නමැත්තිය ලබන 18 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංක එස්. බෝදරගම මහතා 04දා නියෝග කළේය.
බැකෝ සමන් නමැත්තා ඇතුළු පාතාල කල්ලි අපරාධකරුවන් පස්දෙනෙක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අතර මේ කියන සැකකාරිය ද ඔවුන් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළේය. අත්අඩංගුවට ගත් පසු සැකකාරියගේ කුඩා දරුවා සමඟ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.