මර්දනය දිගටම ගියොත් විපක්ෂය එක් වී කටයුතු කරනවා හිටපු ඇමැති මහින්ද අමරවීර

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
ආණ්ඩුව ගෙන යන මර්දනය දිගටම ක්‍රියාත්මක වුණොත් විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වී ඉදිරි මැතිවරණවලට තරග කරන බව හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට විපක්ෂයේ පක්ෂ එකතු වී සිටින්නේ මේ මර්දනයට එරෙහිව බව ද ඒ මහතා කියයි.
එහෙත් ඒ ඒ දේශපාලන පක්ෂ ඒ අයගේ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇති බවත් යම් හෙයකින් මර්දනය දිගටම ක්‍රියාත්මක වුවහොත් මේ එකතුව දිගටම සිදුවනු ඇතැයි ද අමරවීර මහතා සඳහන් කරයි.