තිස්සමහාරාම පොලිසියේ ජීප් රථය පුද්ගලයකු පැහැරගෙන සැකකරු නීතිඥයකු මගින් භාර වෙයි

තිස්සමහාරාම පොලිසියේ ජීප් රථය පුද්ගලයකු පැහැරගෙන සැකකරු නීතිඥයකු මගින් භාර වෙයි

(තිස්සමහරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
තිස්සමහරාම පොලිසියට අයත් LF 3624 ජීප් රථය කිසියම් පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් පාළු ප්‍රදේශයක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරු පැය 18කට පසු නීතිඥයකු මගින් තිස්සම හරහාම පොලිසියට භාර වූ බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය. මේ පිළිබඳ තිස්සමහරාම පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ 3දා හවස හයයි හතළිස්පහට පමණ පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පිළිබඳව 119 දුරකථන ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය සඳහා මෙම ජීප් රථය පිටත්ව යැවූ බවයි.

පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ජීප් රථෙයන් පිටත්ව ගොස් ඇත බව පොලිසි කීය. පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුල සිදුවූ ස්ථානයට නිලධාරීන් ගිය අවස්ථාවේ කඩු සහ පොලු‍ රැගෙන ආරවුලක යෙදී සිටි පිරිස පාලනය කිරීම ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කර නිලධාරියාද ආරවුල සිදුව ස්ථානයට ගොස් ඇති බවත් ඒ අතරතුර ජීප් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව කළ සෝදිසි මෙහෙයුමකදී ආරවුල සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුර ඇල්ලගල කැලෑබද ප්‍රදේශයක අතහැර දමා තිබියදී ජීප් රථය පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ පැහැරගෙන ගොස් පැය දෙකකට පමණ පසුව බව පොලිසිය කීය.
සැකකරු ජීප් රථය පැහැරගෙන ගොස් ඇත්තේ පැමිණිලි කරන ලද පාර්ශ්වයට විරෝධයක් දැක්වීමට බව පොලිසිය කීය.

Share This