ඇමැති නලින්ද කාලයේ ගෙන්වූ හදවත් ඖෂධයක් භාවිතයෙන් ඉවතට

ඇමැති නලින්ද කාලයේ ගෙන්වූ හදවත් ඖෂධයක් භාවිතයෙන් ඉවතට
භාවිතයෙන් ඉවත් කළ හදවත් රෝගීන්ට දෙන ඖෂධය ගෙන්වීමේ ක්‍රියාවලිය ගැන විමර්ශනයක් කරන්න
වැඩි මිලට ඖෂධ ප්‍රසම්පාදනය කරන සමාගම්වල නම් හෙළි කරන්න
– විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
පසුගිය කාලයේදී මෙරටට ගෙන්වන ලද ටෙනෙක්ටපෙස් නමැති හදිස්සි හදවත් රෝගීන්ට ලබා දෙන ඖෂධයක් ගුණාත්මකභාවෙන් අඩුවීම නිසා ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතයෙන් ඉවත් කළ බව තහවුරු කොට ඇත. මෙම ඖෂධය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාලන කාලයේදී මෙරටට ගෙන්වා ඇති බව තොරතුරු වාර්තා වෙයි.
මෙම ඖෂධය ගැනීම සම්බන්ධයෙන් පසුගියදා අරුණ පුවත්පත මගින් නිකුත් කරන ලද පුවත්පත් වාර්තාවක් පදනම් කරගෙන කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මෙම ඖෂධය ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව සහ ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ රසායනාගාර පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව සමීපව නිරීක්ෂණය කරන බැවින් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් සිදු කොට අදාළ පියවර ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බවය.
මෙරටට ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයේදී ඖෂධ සමාගම්ම රැසක්ම ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් වැඩි මිලට ඖෂධ ගෙන්නන බවට පාර්ලිමේන්තුව තුළදී සෞඛ්‍ය අමාත්‍යවරුන් ප්‍රකාශ කර නමුත් එම සමාගම් මොනවාද? අදාළ විෂය භාර අමාත්‍යවරුන් අසමත් වීම කනගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉමියුනොග්ලොබීන් ඇතුළු ඖෂධ රැසක් මෙරටට ගැනීමේදී ඉතා අධික මිල පරතරයන් පවත්වාගෙන යමින් ප්‍රසම්පාදන ක්‍රියාවල්වලට සම්බන්ධවට සමාගම් මෙලෙස ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව තහවුරු වී ඇතත් ඒ සම්බන්ධව නිශ්චිත පියවර ගැනීමට මේ දක්වා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යංශය අසමත්වීම මත මෙරට ජනතාවගේ බදු මුදල්වලින් විශාල ප්‍රමාණයක් මේ අන්දමට සීමිත සමාගම් ප්‍රමාණයක් අතර බෙදී යෑම සම්බන්ධයෙන්ද විශේෂ අධ්‍යනයක් කළ යුතු බව වැඩිදුරටත්’සඳහන්’කළේය.