දොඹකරයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

දොඹකරයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (28) සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය සිදු කළ නියෝගයකට අනුවය.

මෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර ඇත.

බොරැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Share This