රඹුටන් ගස් ආශ්‍රිතව අනතුරු වැඩිවෙයි

පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රීතව සිදු වන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා පවසයි.
රඹුටන් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් විසින් එම ගස්වලට විදුලි රැහැන් ඇදීම ඊට හේතුව හෙතෙම ප්‍රකාශ කළේය.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන බවට ද තොරතුරු වාර්තා වේ.
කුඩා ළමුන්ට රඹුටන් ආහාරයට ලබාදීමේ දී ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා වැඩිදුරටත් කීය.