සතියක් තුළ පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට

අප්‍රේල් මස 13 වැනිදා සිට ඊයේ (20) දිනය දක්වා දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සමස්ථයක් වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක ප්‍රමාණයක්ද හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක ප්‍රමාණයක් ද ගංජා මිලිග්‍රෑම් 3,738,356ක ප්‍රමාණයක්ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ නිවේදනය කරයි.
එමෙන්ම පසුගිය 20 වැනිදා සිදු කළ මෙහෙයුම් මගින් ගිනි අවි 05ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ද ඒ අතර වේ.
ඒ විශේෂ වැටලීම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම විවිධ වැරදි සම්බන්දයෙන් වරෙන්තුකරුවන් 321ක් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ වැඩිදුරටත් සඳහන් කරයි.