හෙද සේවයට 3500ක් – ගැසට්ටුව සිකුරාදා

හෙද සේවයට 3500ක් – ගැසට්ටුව සිකුරාදා

‍හෙද සේවයේ පවතින පුරප්පාඩු බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍ර ලබන 18 වැනිදා නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව 2020 වසරේ සිට 2022 වසර දක්වා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිධාරීන් 850ක් හෙද සේවය සඳහා බඳවා ගැනීමට නියමිතය.

Share This