නීතියට පිටින් එකලස් කළ ජීප් රථයක් සමග සැකකරුවකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53 වන හිඹුටාන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
ඊයේ (14) මුල්ලේරියා පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මුල්ලේරියා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
චන්දන ලක්මාල්