රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවේ ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ, ඔහුට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහාය දැක්වීම මගහරිමින් සිටින බැවිනි.
කෙසේ වෙතත්, එවැනි නියෝගයක් නිකුත් කිරීමට නම් විමර්ශනවලට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බවත් එවැනි වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර කළ බව සඳහන්ය.
මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම ලේඛන සහිතව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට සදහන් කර ඇත්තේ.