බංගලාදේශයට ලකුණු 245ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායමට ලකුණු 245ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 49.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව244කි.
එහිදී නායක චරිත් අසලංක ලකුණු 106ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් ලබාගත්තහ.
පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 04ක් සහ තන්සිම් හසන් කඩුලු 03ක් දවාගත්තහ.
තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.