බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ

බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ

බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

වාර්ෂික බස් ගාස්තුව සියයට 0.55කින් පහත හෙළුව ද එය තවත් අඩු කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහස වේ.

ඉන්ධන මිල සහ සෙසු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම හේතුවෙන් මෙවැනි සුළු ප්‍රමාණයකින් බස් ගාස්තු අඩු කිරීමට සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනිද්දා (04) සිට ක්‍රියාත්මක නියමිතව තිබේ.

 

Share This