අදත් වැසි වාර කිහිපයක්

අදත් වැසි වාර කිහිපයක්

දිස්ත්‍රික්ක කිහිපයකට අද (02) වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර වයඹ නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවිය හැකිය.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් වැසි කිහිපයක් ඇතිවිය හැකිය.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. 50-55 දක්වා වැඩිවන අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This