අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. (Update 17.00)
—————————
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හිටපු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අනීතක ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයක් යටතේ ටොයෝටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙනි.
ඒ සඳහා අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව බ්‍රහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර සහ අත්තරගම ගෙදර ධම්මික නිරෝශන් යන අය ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. (Update 15.06)