නාමල් රාජපක්ෂට එරෙහි නඩුව කල් යයි

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.