බංගලාදේශ පිතිකරුවන් අසරණ වෙයි

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දින අද (25) අවසන් විය.
තරගය නතර කරනවිට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 220කි.
ශඩ්මාන් ස්ලාම් ලකුණු 46ක්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් සහ ලිටන් දාස් ලකුණු 34ක් රැස්කරගත්තහ.
පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ සොනල් දිනුෂ කඩුලු 02ක බැගින් දවාගත්තහ.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.