ඉන්දුනීසියාවේ ගිනි කන්දකින් වැටී බ්‍රසීල ජාතික තරුණියක් මරුට

ඉන්දුනීසියාවේ ගිනි කන්දකින් වැටී බ්‍රසීල ජාතික තරුණියක් මරුට

ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කන්දක් නැගීමේදී බ්‍රසීල ජාතික තරුණියක වැටී මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක වන ජුලියානා මරින්ස් ය.

ඇය ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි සක්‍රීය ගිනි කන්දක් වන මවුන්ට් රින්ජානි කන්ද නැගීමට ගොස් ඇත්තේ ජුනි 21වැනි දා ය. ඇගේ මිතුරන්ද එම ගමනට සහභාගි වී තිබේ.

මද දුරක් කන්ද නගිමින් සිටියදී වළාකුළු සහිත ප්‍රදේශයකදී ඇයව මාර්ගයෙන් පහළට ඇද වැටී ඇත. එහිදී ඇයගේ මිතුරන් සහ මග පෙන්වන්නා කඳු මුදුනට ගොස් නැවත පැමිණෙන විට ජුලියානා කණ්ඩායමේ නොසිටි බව තහවුරු වී ඇත.

අනතුරුව ඇය කොහේදැයි සොයන විට ඇය උදව් ඉල්ලා කෑගසන හඬ ඔවුන්ට ඇසී ඇත. ඒ අනුව ජුලියානා කන්දෙන් පහළට වැටී ඇති බව ඔවුන් තහවුරු කරගෙන ඇත.

අඩි 1000ක් (මීටර් 300ක් පමණ) පහළට ඇද වැටුණු ඇය ගිනි කඳු කුහරයක සිරවී සිටින බව ඩ්‍රෝන යානා නිරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබේ.

ඒ වන විට ඇය ජීවතුන් අතර සිටින බව තහවුරු කරගෙන තිබුණ බැවින් ඇය සොයා මෙහෙයුම් කණ්ඩායම් ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබේ. නමුත්, ඔවුන්ට ඇය සිටින ස්ථානයට ළඟා වීමට දින 3ක් ගතව ඇත.

ඇයව බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබුණද, ආරක්ෂක කණ්ඩායමක් ඇය වෙත ළඟා වීමට පෙර ඇය මියගොස් තිබුණි.

මවුන්ට් රින්ජානිවල ඇති සුන්දරත්වය සහ ආකර්ශනීය බව හේතුවෙන් එය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇත. නමුත්, එහි පවතින භූගෝලීය අවදානම් සහ කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.

Share This