පැතුම් නිස්සංක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 31 වන ස්ථානය දක්වා පැමිණ තිබේ.
එය ස්ථාන 21කින් ඉදිරියට පැමිණීමකි.
මෙම ශ්‍රේණිගත කිරීම්හි ජෝ රූට්, හැරි බෲක් සහ කේන් විලියම්සන් ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථානවල පිළිවෙලින් පසුවෙති.
එහි කමිඳු මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි.
දිනේෂ් චන්දිමාල් 15 වන ස්ථානයෙත්, ධනංජය ද සිල්වා 23 වන ස්ථානයෙත් පසුවෙති.