රාජ්‍ය සේවයට අලුතින් 30000 බඳවා ගැනීම් ආරම්භ කරයි

රාජ්‍ය සේවයට අලුතින් 30,000 බඳවා ගැනීම් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය පරිපාලන සේවය. සැලසුම් සේවය විද්‍යාත්මක සේවාවන් ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකට ඒ යටතේ සුදුස්සන් බඳවාගන්නා බවයි අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර සිටියේ.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000 බඳවා ගැනීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවී ඇති බවයි.
මෙලෙස රාජ්‍ය සේවයට එකවර විශාල පිරිසක් බඳවා ගත්තේ වසර 07 කට පමණ පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම කළමනාකරන සහකරුවන්ද ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනීම සිදුකරන අතර සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චන්දන ලක්මාල්