පවතින ඉන්ධන සංචිතය ගැන පැහැදිලි කිරීමක්

පවතින ඉන්ධන සංචිතය ගැන පැහැදිලි කිරීමක්

මැද පෙරදිග යුද උණුසුමක් පැවැතියත් වසර අවසානය වනතුරු ඉන්ධන ඇනවුම් කර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියාසිටියේ, කොළඹ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

එමෙන්ම මෙරට තුළ ඉන්ධන සංචිත ප්‍රමාණවත් පරිදි ඇති බවයි සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි මහජනතාවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This