ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්

ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමටපියවර ගන්නා බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව පවසයි.

මිට හේතු වන්නේ ලියාපදිංචි නොකරලා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ප්‍රමතීන්ට අනුකූල නොවන සන්නිවේදන උපකරණ වලින් ජනතාවට ගැටලු හා අපහසුතා ඇතිවීමය.

කර්මාන්තයට නව ආරක්ෂිත ක්‍රමවේදයක් අනුන්වාදීමටත් ලියාපදිංචි නොකල උපකරණ හඳුනා ගැනීම සඳහා මෙම මස අවසානයේදී සිට ස්වයංක්‍රීය පද්ධිතයක් ක්‍රියාත්මක කිරීමටත් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

විදේශකයින්ගේ ජංගම උපකරණ භාවිතයට මේ ක්‍රමවේදයන් බාධා නොවන බව එම කොමිෂන් සභාව පවසයි.

චන්දන ලක්මාල්

Share This