වැඩ තහනම් ලිපියක් නොලැබුණ බව රවී කුමුදේශ් කියයි

වැඩ තහනම් කිරීමේ ලිපිය තමන්ට නොලැබුණු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අදාළ ලිපිය මාධ්‍ය ආයතනවලට පමණක් යොමු කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
එලෙස සිදු කිරීමේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන් බිය වැද්දීමටත් සෙසු වෘත්තීය සමිති බිය බැද්දීමටත් කටයුතු කරන බව ද රවී කුමුදේශ් අවධාරණය කර සිටියි.