ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

පැය 04ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරු 10.00ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණියේය.

අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ, රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 371ක් නිදහස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ද උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඊට අදාළ ලැයිස්තුව තමන් පොලිසිය වෙත භාරදුන් බව ද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Share This