නීති විරෝධී දුම්වැටි 7600ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීති විරෝධී දුම්වැටි 7600 සහ කාටූන් 28 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු අවුරුදු විස්සක ඇල බට ගම පදිංචිකරුවෙකි .
එම නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන්තොටුපොළ ඒකකය සිදුකරනු ලබයි.
චන්දන ලක්මාල්