ජනාධිපතිවරයාගේ ඊළඟ විදේශ සංචාරය

රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ලබන මස තුන්වෙනිදා සිට හයවෙනිදා දක්වා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වියට්නාමයේ රාජ්‍ය සංචාරයකට නිරත වීමට නියමිත බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගෙන මෙම රාජ්‍ය සංචාරය සිදුවන බවයි.
වියට්නාමයේදී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිත අතර එම යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී තිබේ.
චන්දන ලක්මාල්