පොල් මිල ඉහළ යයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් මිලෙහි යළි ඉහළ යාමක් සිදු වී ඇති බව පාරිභෝගිකයන් පවසයි.
ඒ අනුව රුපියල් 180 පමණ අලෙවි වූ පොල් ගෙඩියක මිල අද වන විට රුපියල් 220 – 240 අතර මිලකට අලෙවි වන බවට තොරතුරු ලැබී ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.
කෙසේ වෙතත් මැයි සහ ජූනි මාසවල මෙරට පොල් අස්වැන්න ගෙඩි මිලියන 500 ඉක්මවා ලැබුණු ඇති බවට පොල් පර්යේෂණ ආයතනය පුරෝකථනය කර තිබේ.
එසේ වුවත් පොල් ගෙඩියක මිල යළි පහත වැටෙනු ඇතැයි බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය කියා සිටියි.
චන්දන ලක්මාල්