වෙසක් දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

මෙවර වෙසක් උත්සවය සඳහා සංවිධාන කරනු ලබන සියලුම දන්සැල් මැයි මස 09 වැනිදාට පෙර ලියාපදිංචි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව සියලු සංවිධායකයින් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියපදිංචි වන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
දන්සල් සංවිධාන කිරීමට අවශ්‍ය තොරතුරු ඒ කාර්යාලවලින් ලබා ගත හැකිය.
එමෙන්ම වෙසක් සමයේ දන්සැල්, ආහාර අලෙවිසැල්, හෝටල් සහ ජංගම ආහාර වෙළෙඳ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන පරීක්ෂකවරුන් 3,000ක් පමණ යොදවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් කියාසිටියි.