නව පාප්වහන්සේ තෝරාගන්නා දිනය මෙන්න

නව පාප්වහන්සේ කෙනෙකු තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය මැයි මස 07 වැනිදා පැවැත්වෙන වතිකානය නිවේදනය කරයි.
මෙවර පාප්වරණය සඳහා කාදිනල්වරුන් 135 දෙනෙක් සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
යුරෝපයෙන් 53ක්, ආසියාවෙන් 23ක්, උතුරු අමෙරිකාවෙන් 18ක්, අප්‍රිකාවෙන් 17ක්, දකුණු අමෙරිකාවෙන් සහ ඕෂනියාවෙන් සිව් දෙනෙක් මේ සඳහා සුදුසුකම් ලබා තිබීමත් විශේෂත්වයකි.
පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතු බව සඳහන්ය.